නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් මද වශයෙන් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.
‘පොතුවිල් සිට මාතර හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේ‘.
‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර්. 30-40 අත වෙයි.‘
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර්. 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැකියි.
2015 ජනවාරි මස 26 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කැරිණි

