නැගෙනහිර , ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකටත් මදවැසි ඇති වෙතියි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලට ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.
‘පොතුවිල් සිට මාතර හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.
‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් 20-30 අතර පවතී‘.
‘මන්නාරම සිට පුත්තලම ඔස්සේ කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැකියි‘.
2015 ජනවාරි 23 වැනි දින දහවල් 12.00 ට නිකුත් කැරිණි.

