‘පළාතටම එක වගේ සලකනවා‘


‘අද ඉන්නේ කොළඹට විතරක් සීමා වුණු මහ ඇමැති කෙනෙකු නෙමෙයි. පළාතේ දිස්ත්‍රික්ක තුනටම වගේම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 104 දෙනාටම මම එක වගේ සලකනවා.‘ යි බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා කීවේය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195ක් ලබා ගනිමින් දිවයියේ දෙවැනි තැනට පත් වූ බස්නාහිර පළාතේ දරුවන් හතර දෙනාගෙන් අයකු වූ මහර ජනාධිපති විද්‍යාලයයේ නිහාර මධුහංස සිසුවාට ත්‍යාග පිරිනැමීමෙ වෙනුවෙන් පැවැති උත්සවයකට සහබාගී වෙමිනි.

මහර ජනාධිපති විද්‍යාලයයට විද්‍යාගාරයක් ලබා දී එම විද්‍යාගාලය නිහාර සිසුවාගේ නමින් නම් කරන බව ද ඔහු කීවේය.

වේයන්ගොඩ හිරිපිටිය ප්‍රථමිකයේ තරින්ද්‍යා කෞරි පෙරේරා සිසුවියට ද ත්‍යාග පිරිනැමිණි.

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

2 DSC_6728 romesh2015-10-29-01