පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසල්වලට යෑමට වරම් හිමිකරගත් සිසුනට ඒ සඳහා අවස්ථාව අහිමි කළැයි කියමින් ලංකා ගුරුසංගමය ඇතුළු ගරු සංගම් හයක් අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
2010, 2011 සහ 2012 වසරවල ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිශතයට සමාන්තරව මෙවර ද සිසුන් ඇතුළත් කර ගන්නා ලෙසත්, ජනප්‍රිය පාසල්වල 1-5 ශ්‍රේණිවලට වැඩිපුර සිසුන් ඇතුළත් කර ගත් ආකාරය ගැන සොයා බලන ලෙසත් ගුරුසංගම් ඉල්ලයි.

