අධ්‍යාපනය සම්බන්ධයෙන් දේශපාලකයන් ගත් ඇතැම් තීරණ නිසා රජයට අනවශ්‍ය බරක් දරන්නට සිදුව ඇතැයි ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියෝ පැවසුහ.
අනු නා හිමියෝ එසේ කීවේ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී හමු වී කළ විශේෂ සාකච්ජාවේදීය.
‘ඉස්සර බලයක් නොතිබුණ කාලේ ඔබ අධ්‍යාපනය සම්බන්ධනයෙන් දැක්වූ යහපත් අදහස් ක්‍රියාත්මක කරන්නට අවස්ථාව ලැබිම තිබීම ගැන සතුටු වෙනවා.
මේ පහේ ශිෂ්‍යත්වය මහා බරක් වෙලා. එය එකවරම නවත්වන්නේ නැතිව සරල ප්‍රශ්න පත්‍රයක් දෙන ක්‍රමයක් සකස් කරන්න. අද මේ දරුවන්ට මේ තත්ත්වය ගෙනත් තියෙන්නේ ටියුෂන් ගුරුවරු ඒ නිසා දෙමාපියෝ දෙකේ පන්තියේ ඉදලා ළමයි පන්තිවලට එක්ක යනවා. ශිෂ්‍යත්වය කියන්නේ පන්ති වලට යවන්න අදාල විභාගයක් නෙමෙයි.
ඉස්සර අටේ පන්තියේ තිබුණා විභාගය වගේ දෙයකින් යම් පරීක්ෂණයක් පවත්වලා ළමයාගේ කුසලතාවය හදුනාගෙන ඉන් ඔබ්බට යන ක්‍රමයක් වැදගත්.
අද පාර අයිනේ පොඩි, පොඩි කඩ කාමර අරගෙන හදල තියෙන ජාත්‍යන්තර පාසල් වලින් නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ.ඒක නිසා ජාත්‍යන්තර පාසල් රජය පාලනය නොකලත් රජයේ යම් නියාමනයක් කළ යුතු යැයි බෙල්ලන්විල අනු නා හිමියෝ කීහ.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා කිවේ 2005 වසරේ සිට තමුන් යෝජනා කළ පාසල් පාදක වෘත්තිය අධ්‍යාපන ක්‍රියාවලියත් , වෘත්තිය තාක්ෂණික විශ්ව විද්‍යාලය හරහා උසස් පෙළ අසාර්ථක වන සිසුන්ට තාක්ෂණවේදි උපාධියක් දක්වා යාමට මාවත සැකසීමටත් ,පළමු ශ්‍රේණියේ ප්‍රශ්නය ඇතුළු ජනප්‍රිය පාසල් සොයා යාමේ ගැටලු වලට විසදුම් ලෙස ද්විතික පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කරන වැඩසටහනට ක්‍රියශිලිව මැදිහත් වීමට හැකි වීම භාගයක් කොට සලකන බවය.
ජාත්‍යන්තර පාසල් නියාමනය අත්‍යාඅවශ්‍ය බව තමන් පිළිගන්නා බවත්, කාලාන්තරයක සිට මේ සම්බන්ධව තමුන් යෝජනා කළ බවද ඒ සදහා කඩිනමින් පියවර ගන්නා බවත් මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසා සිටියේය.
මෙහිදී මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් රචිත " ඉස්කෝල හංදිය " ග්‍රන්ථය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන්ට පිළිගැන්විණි.