‘එච්එන්ඩීඒ සිසු විරෝධතාවට පහර දීම ගැන අගමැති නීතිය හා සාමය ඇමැතිගෙන් වාර්තාවක් ඉල්ලුවා. ඇමැති පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලුවා. වාර්තාව ඉල්ලා සුළු වේලාවක් යද්දි පොලිසියේ වග කිව යුතු නිලධාරීන් පස් දෙනෙකු මාධ්‍ය සාකච්ඡාවක් තියලා පහර දීම සාධාරණීකරණය කරන්න උත්සාහ කළා. එහෙනම් වාර්තාව ඉල්ලලා තියෙන්නේ මේක සාධාරණීකරණය කරන පිරිසකගෙන්ද?‘ යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
එන්එන්ඩීඒ සිසුන්ට පහර දීමට එරෙහිව මරදාන සීඑස්ආර්හිදී පැවැති මාධ්‍ය සාකච්ඡාවට ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.
එහි දී අදහස් දැක්වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ උද්ඝෝෂණය විසිරැවූ ආකාරය ගැන රූපවාහිනී නාලිකාවල විකාශ වූ වීඩියෝ දර්ශන දුටුවා නම් වාර්තාවක් සකසා ගත හැකි බවයි.

