‘පල් හොර ගුහාව ජාතික ආණ්ඩුවයි‘


‘මේක හරියට  කැහි ගෑනී දීලා හොටු ගෑනී අරගෙන ඒ ගෑනිට අපි  බනිනවා වගේ වැඩක් ‘ යැයි යහපාලන ආණ්ඩුවේ දින සියයේ ක්‍රියාවලිය ගැන සදහන් කරමින් ප්‍රවීන නාට්‍යවේදී ජයලාල් රෝහණ මහතා පවසයි.

‘කියපු විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙයිද? මිලියන ගණන් හොරකම් කරපු හොරුන්ටික අල්ලයිද? ජාතික ආණ්ඩුවක් කියන්නේ සත්භාවයෙන් කරනවා නම් ඉතා හොද දෙයක්. රට ගැන හිතලා ජාතික ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න ඇමැති තනතුරු මොකටද?  ඒකෙන්ම සත්භාවය තේරුම් ගන්න පුළුවන්නේ. අන්තිමට සිදුවූයේ මිලියන ගණන් හොරකම් කළ හොරු ටිකට හැංගෙන්න ජාතික ආණ්ඩුව කියන ගුහාව හොයා ගත්තා. ‘