ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන දස දහසක බැඳුම්කර නිකුතුවක් ප්‍රකාශයට පත් කර එය හිටි ගමන් මිලියන දස දහස් හතළිස් පහක් කිරීමත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගමට එම බැඳුම්කර 12.5%ක පොළියක් යටතේ ලබාගැනීමට ක්‍රියා කිරීමත් ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම පරීක්ෂණය පැවැත්වීම සඳහා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තාවකාලිකව එම තනතුරින් ඉවත් විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ කියයි.
පරීක්ෂණයේ විනිවිද භාවය සුරැකීම සඳහා ඔහු සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්විය යුතු බවත් ජවිපෙ මන්ත්‍රී හඳුන්නෙත්ති මහතා පවසයි.
ඔහු කැමැත්තෙන් ඉල්ලා අස්නොවුණහොත් ඔහු ඉවත් කළ යුතු බවද ජවිපෙ කියයි.
මෙම සිදුවූ බව කියන අක්‍රමිකතා සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.

