‘පමා වෙලා යමු අකුරට මෙයින් මතු‘


ජාතික පාසල් 105ක විදුහල්පති පුරප්පාඩු සදහා අයදුම් කැඳවා ඉන් 57කට පමණක් විදුහල්පති පත්වීම් දී ඇතැයි ද, එලෙස පත්වීම් දුන් ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් තවමත් වැඩ භාර ගෙන නැතැයි ද, හැකි ඉක්මණින් සමූඛ පරීක්ෂණ පවත්වා පුරප්පාඩු සහිත සියලු ජාතික පාසල්වලට සුදුසුකම් ඇති විදුහල්පතිවරුන් පත් කළ යුතු යැයි ද ලංකා ගුරු සංගමය කියයි.

පසුගිය දෙසැම්බර 31 වැනිදාට පෙර අය අයදුම්පත් යොමු කරන ලෙස කියමින් පසුගිය වසරේ මැදදී පුවත්පත් දැන්වීම් පළ කර තිබූ බවත්, ඒ වන විට පුරප්පාඩු සහිත පාසල් 105ක නාම ලේඛණයක් එහි වූ බවත්, ඒ අනුව පාසල් 57ක පමණක් පත්වී දුන් බවත්, ඉතිරි පාසල් 48ට සදහා තවම පත්වීම් සිදු කර නැති බවත් එම ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

කොළඹ මහනාම විද්‍යාලයය ඇතුළු පාසල් කිහිපයක පත්වීම් දුන් විදුහල්පතිවරුන් තවම වැඩ භාරගෙන නැති බවත්, ඒවායේ තවම කටයුතු කරන්නේ වැඩබලන විදුහල්පතිවරුන් බවත්, මේ වන විට විදුහල්පති පුරප්පාඩු සහිත පාසල් ගණන 48ට වඩා බෙහෙවින් වැඩි වී ඇති බවත් ස්ටාලින් මහතා කියයි.

තවත් කල් නොයවා නිසි සමූඛ පරීක්ෂණ පවත්වා සුදුස්සන් එම තනතුරුවලට පත් කරන ලෙද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ලංකා ගුරු සංගමය සදහන් කරයි.