‘පනත නැති නිසා විගණන කොමිසම සුදු අලියෙක්‘


විගණන පනත සම්මත කිරීම පමා කිරීම නිසා විගණන කොමිසම තනිකරම සුදු අලියෙකු බවට පත්ව ඇතැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා චෝදනා කරයි.

මසකට ලක්ෂ විස්සක පමණ පිරිවැයක් දරමින් මේ වනවිටත් මාස එකොළොහක් තිස්සේ නිකරුණේ කොමිසම නඩත්තු කිරීමට සිදුව ඇතැයි කී හෙතෙම එමගින් සිදුවන්නේ ද මහජන මුදල් නාස්තියක් වීම කනගාටුවට කරුණක් යැයි කීය.

කලක් තිස්සේ පුරුද්දක්ව තිබූ බලය අපහරණය තවදුරටත් කරගෙන යෑමට කැමැති නිලධාරින් අතලොස්සක් නිසා පනත සම්මත කිරීම පමා වීම රටේ අවාසනාවක් යැයි ද විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.