මේ රටේ තියෙන්නේ ලෝකේ කොහෙවත් රටක නැති දේශීය මාධ්‍ය චින්තනයක් යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීය.
උදේට පුවත්පතක් බලන කෙනකුට රට ගැන ආදරයක් හැඟීමක් ඇතිවන කිසිවක් දකින්නට නැතැයි ද ජනාධිපති කීවේය.
විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මාන ප්‍රදානය සඳහා පැවැති උත්සවයේ දී පර්යේෂණ සඳහා දායක වූ විද්‍යාඥයෝ 232 දෙනෙක් සම්මාන ලැබූහ.
ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
‘මාධ්‍යයට ඕනෑ කුණු රස, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, කුණු කානු, දේශපාලන ගැටුම්. එහෙම නැතිව රටක් හදන්න නොවෙයි. මාධ්‍යයට ඕනෑ ආණ්ඩු පෙරලන්න, තියෙන ආණ්ඩු අප්‍රසාදයට පත් කරන්න, මාධ්‍යයට ඕනෑ දේශපාලනඥයන් බලයෙන් පහ කරන්න, ආණ්ඩු හදන්න.‘
‘මාධ්‍යයට තියෙන්නේ එසේ මෙසේ වගකීමක් නොවෙයි. රටක් දියුණු කරන්න රටක් ගොඩනගන්න ජාතියක් විදියට ඉදිරියට යන්න ඕනෑ. ඒකට ඕනෑ කරන ප්‍රමිතිය මම පසුගිය කාලේ කතා කරලා තියෙනවා. ‘
‘උදේට කියවන පත්තරේ, නැතිනම් බලන පත්තරේ මේ මගේ රට මම මේක දියුණු කරන්න ඕනෑ කියා හැඟීමක් එනවද? රාජ්‍ය නිලධාරීන්ට මම හොඳට වැඩ කර මගේ රට දියුණු කරන්න ඕනෑ කියා හැඟීමක් එනවාද? ජනතාවට එවැනි පහන් හැඟීමක් එනවද? නැහැ. අද මුල් පිටුව තමයි රට නැති කරන පිටුව වෙලා තියෙන්නේ.‘