‘පච්ච සිංහයාටත් තීරු දෙකක් දාන්න වෙයිද ?‘


ගායන ශිල්පී මධුමාධව අරවින්ද, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ප්‍රදීප් උඳුගොඩ හා ලලිත් එල්ලාවල යන පිරිසගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කළ බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.

අද පෙරවරුවේ ඔවුන් එහි කැඳවා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට නොකැඳවන්නැයි පසුගියදා අල්ලස් කොමිසම ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණයේදී විකෘති කළ ජාතික කොඩි අතැතිව සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටය.

මධු මාධව අරවින්ද ප්‍රශ්න කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් කීවේ තමාගේ කකුලක සිංහයකුගේ පච්චයක් ඇතැයිද එම සිංහයා අසලට තීරු දෙකක් නොමැතිවීම ගැනද රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බවයි.