‘නේවි සම්පත්ට‘රැකවරණය දුන් අයෙක් අත්අඩංගුවට


(නිමන්ති රණසිංහ )

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අය ට සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දුන් බව කියන ලක්සිරි අමරසිංහ නැමැති ඒජන්සි කලමණාකරවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අද (10) අත්අඩංගුවට ගෙන ඇත.

නේවි සම්පත් යන අයට මැලේසියාව බලා පිටත්ව යාමට ආධාර අනුබල ලබා දි ඇත්තේ ද මෙම පුද්ගලයා බවට ද කරුණු අනාවරණය වි ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .