(නිමන්ති රණසිංහ)
පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් ලබන 18 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(10) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ යළි කැඳවු අවස්ථාවේ බන්ධනාගාර විසින් සැකකරු අධිකාරිය වෙත ඉදිරිපත් කර තිබුණි.
එසේම මෙහි අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් වු නඩුව ලබන 25 වැනිදා යළි කැඳැවන ලෙසත් එදිනට ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකාරිය වෙත ලබා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළේය.
‘නේවි සම්පත් ‘යළි රිමාන්ඩ්
Recommended Articles