‘නෙක්ස්ට්’ වැසූ හේතුව මෙන්න


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කටුනායක ආයෝජන  කලාපයේ නෙක්ස්ට්  ඇඟලුම් ආයතනය වසා දමා ඇත්තේ ඩොලර්  කෝටියක පාඩුවක් නිසා බව වැඩබලන කම්කරු ඇමති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

මෙම ආයතනය වසා දැමූ අාකාරය සහ  ඒමගින්  සේවකයන්ට අැතිවූ ගැටලු   සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව  විමර්ශනයක්   කරගෙන යන බවද ඔහු ප්‍රකාශ කළේය.

ආයතනය වසා දැමීම  රජයේ ගැටලුවක් හෝ සේවකයන්ගේ ප්‍රශ්නයක් මත සිදුවූවක් නොව ව්‍යාපාර අවශ්‍යතාවක් මත ගත් තීරණයක් බව එම විමර්ශනවලදී  හෙළිවී ඇතැයි පැවසූ වැඩබලන අමාත්‍යවරයා ඒම  ආයතනය රැකියා නැති වූ සේවකයන්ට කටුනායක අවට වෙනත් ආයතනවලින් රැකියා ලබාදීම සඳහා  මැදිහත් වෙමින් සිටින බවද ප්‍රකාශ කළේය.

සේවකයන්  1416 දෙනකුගේ රැකියා අහිමි වනවිට 1900කට වෙනත් ආයතනවල රැකියා ලබාදීමට එම ආයතනය මෙසේ   මැදිහත්ව සිටින බවත් තමාද   ගැටලුව සම්බන්ධයෙන්   සේවක පක්ෂය සමග තවදුරටත්  සාකච්ඡා කරගෙන යන  බවත්  ඔහු  සඳහන් කළේය.

සේවක අයිතිවාසිකම් ආරක්ෂා  කිරීමට රජය මැදිහත් වෙමින් සිටින බව කි  මහින්ද ජයසිංහ මහතා  සේවකයන්ට සේවක පනතේ වන්දියට  වඩා වැඩි වන්දියක් ලබා ගැනීමටද අවස්ථාව සැලසී ඇතැයි   පැවසීය.

එම ආයතනය වසා දැමීමට ගත් තීරණයත් සමග මේ රටේ ආයෝජනවලට කිසිදු බලපෑමක් ඇති නොවන බව ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.