‘නූගතුන් හා මැරයන් දේශපාලනයේ පිරිලා‘


නවගත්තේගම පාසල් ගුරුවරිය දනගෑස්සුවේයැයි චෝදනා ලබා සිටින හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර  නැවත වතාවක් පළාත් සභාවට ඉදිරිපත්වීම සදහා නමයෝජනා ලබා දුනහොත් ඒය විශාල දෙශපාලන  වරදක්  බව ජේෂ්ඨ අමාත්‍ය පි දයාරත්න මහතා එසැණට පැවසීය.

තමා වසර 35 ක් දෙශපාලනයේ යෙදුනත් තමාගේ  නමට හානිවෙන කිසිදු ක්‍රියාවක් එම වසර 35හේදී සිදු නොවූ බවත් අද ප්‍රාදේශිය දේශපාලකයින් සමාජ ඈසුරක් නෑති නුගතුන්ගෙන් හා මෑරයින්ගෙන් පිරි තිබිම නිසා බලයට පැමිණ ඔවුන්ට දින 35ක් වත් තම නම රැකගෙන සිටිය නොහැකි බවත් ඇමැතිවරයා කීවේය.