විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට සමගාමීව නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමට බලධාරින්ගේ අවධානය යොමුවීම අත්‍යවශ්‍ය යැයි මැතිවරණ කොමිසම පවසයි.
ප්‍රංශය වැනි දියුණු රටවල් තානාපති කාර්යාල හරහා ඡන්ද ප්‍රකාශ කිරීමට සිය විදෙස්ගත ප්‍රජාවට අවස්ථාව සලසා ඇතත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් බහුතරයක්ම නුපුහුණු ශ්‍රමිකයන් වීම නිසා එහි පාරදෘෂ්‍යභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
එහෙත් ඔවුන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා මැතිවරණ කොමිසම පූර්ණ සහාය පළ කරන බව ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.
මේ වනවිට ඊට අදාළ නීති සම්පාදන කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර තිබේ.
