මහින්දට අගමැති අපේක්ෂක කම අවශ්‍ය නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හමුවී එම ඉල්ලීම ඉදිරිපත් කළ හැකි යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
‘මහින්දට අගමැති වෙන්න ඕනෑ නම් නුගේගොඩ රැලි තියන්න ඕනයෑ. බස් 212කින් මිනිස්සු අදින්න වියදම් කරන්න ඕන නැහැ නේ. ජනාධිපතිතුමා හමුවෙලා ඉල්ලීමක් කළා නම් හරිනේ. එතුමා හිටපු ජනාධිපතිනේ. මං අගමැති වෙන්නම් ඔබතුමා ජනාධිපතිකමේ ඉන්න කියලා කිව්වනම් හරිනේ. ඔයිට වඩා සෙනඟ හිටපු රැස්වීම් ජනාධිපතිවරණය කාලෙත් තිබුණා නේ.‘

