‘නීතියේ ගෞරවය දැන් රැකිලා‘ - නව අගවිනිසුරු


ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණයේ ගෞරවය රඳා පවතින්නේ එහි ස්වාධීනත්වය හා ප්‍රඥා සහගත ක්‍රියාකාරීත්වය මත යැයි නව අග විනිසුරු කේ.ශ්‍රී පවන් මහතා අද (9) ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවසීය.

එසේම නීතියේ ආධිපත්‍යය දැන් තහවුරුවී තිබෙන බවත්, බලය යනු අත්තනෝමතිකව භාවිතාවන්නක් නොව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව සිදුවන්නක් යැයිද හේ කීවේය.

නව අග විනිසුරු ලෙස කේ.ශ්‍රී පවන් මහතා පිළිගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අද (9) කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ රැස්වීම් ශාලාවේ නිල පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීය.