‘නීතියට ඉහළින් යන්න කාටවත් බෑ‘


ජීවිතේ තරුණ අවදිය ගෙවන සිසුන් තම අභිලාශ ආවේගශීලීව හා හැඟුම්බරව ඉදිරිපත් කරන බව ද, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කැරෙන නීතිය හා සාමය සුරකින සුහද සමාජයක් ගොඩ නැගීමේ දී රජයත් මහජනයාත් වගකීම් හා යුතුකම්වලින් බැඳී සිටින බව නිතිය හා සාමය ඇමැති තිලක් මාරපන මහතා කියයි.

උසස් තාක්ෂණ ගණකාධිකාරී පාඨමාලාව හදාරණ සිසුනට පසුගිය 29 වැනි දා එල්ල වූ පොලිස් ප්‍රහාරය ගැන ඔහු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් එසේ කීවේය.

ශිෂ්‍ය උද්ඝෝෂණ විසැරවීමේ දී පොලිසිය සීමාව ඉක්මවා කටයුතු කර ඇත්ද යන්න ගැන පරීක්ෂණයක් අරඹා ඇතැයි ද   රටේ වැසියනට උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ඇති නමුත් නීතිය හා සාමය කඩවන අවස්ථාවල දී ඉන් සිදුවන බලපෑම් වළක්වා නීතිය හා සාමය රැකීමට පොලිසිය ඇතුළු අධිකාරීනට ලොකු වගකීමක් ඇතැයි ද ඔහු පවසයි.

රටේ සාධාරණ නීතිය පැවැතිය යුතු අතර හැමදෙනාම තරා තිරම නොබලා ඊට ගෞරව කළ යුතු බව ඔහු කියයි.