‘නීතිය රාජපක්ෂලා පැත්තට බරලු’


මහින්ද රාජපක්ෂ සමයේ වංචා දුෂණ හා අපරාධ කළ පුද්ගලයින්ට දඬුවම් දෙන බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා පසුගිය මැතිවරණ සමයේ අවධාරණය කළ ද  රටේ නීතිය ක‍්‍රියාත්මක වීම බිඳවැටී  ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.

නීතිය ක‍්‍රියාත්මක කෙරෙන තැන්වල රාජපක්‍ෂලාට ලැදි පුද්ගලයින් සිටීම මෙන්ම නීතිමය කටයුතුවලට ඇමැතිවරුන් අත පෙවීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද මහාචාර්යවරයා පැසුවේය.

ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා මෙහි දී පැවසුවේ ශ්‍රී ලංකාව යළිත් ජාතිවාදීන්ගේ පාරාදීසයක් වීමට ඉඩ නොදිය යුතු බවයි.

වත්මන් බල පෙරලිය ඇති කිරීමට මූලික වූ සියලූම සංවිධානවලට ආණ්ඩුව යන වැරදි ගමන වෙනස් කිරීමේ වගකීමක් ද පැවරී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන කමිටු සාමාජික, ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා මෙහි දී පැවසුවේ වත්මන් රජයේ ක‍්‍රියා කලාපය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි. රජය කාරයකින් යා යුතු ගමන යන්නේ කරත්ත රෝද සවිකර ගත් රියකින් පොලිස්පති මෙන්ම නීතිපති ද රටේ නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ඔහු කීවේය.

IMG_8941 IMG_8946 IMG_8958 IMG_8963 IMG_8973