‘පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන නීති සම්මත කරන ආයතනය. එහි මන්ත්‍රීන් නීතිවලට ගරු කිරීමට බැඳී සිටිනවා. ‘ යැයි මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාට අවවාද කරමින් පැවසීය.
ඔහු සැකකරුවකු වන නඩුවකට නොපැමිණීම නිසා වරෙන්තු ලැබ සිටියදී නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට බාරවීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ඔහුට දැඩි සේ අවවාද කළේය.
ඔහු අධිකරණයට ඉදිරිපත් කළ නීතීඥවරයා දැන්වූයේ තෙවරප්පෙරුමට මහතාට හෘද සැත්කමක් කළ නිසා අධිකරණයේ පෙනී නොසිටි බවයි.
එහෙත් සැකකරු අවස්ථා කිහිපයකදීම අධිකරණ නියෝග කඩ කර ඇතැයි කී මහේස්ත්‍රාත් සෑම මසකම දෙවැනි සහ හතරවැනි සතියේ උසාවි රෙජිස්ටාර් ඉදිරියේ පෙනී සිටින ලෙස තෙවරප්පෙරුම මහතාට නියෝග කළේය.