නීති විද්‍යාල පිවිසුම් විභාගයට පෙනී සිටින සිසුන් සඳහා හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මහතා විසින් පැනවුණ අවුරුදු 30 වයස් සීමාව ඉවත් කරන්නැයි යහපාලනය සඳහා වූ නීතීඥ එකමුතුව රජයෙන් හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලයි.
එහි සභාපති නීතීඥ නීත් උදේශ මහතා කියනුයේ එම තීන්දුව නිසා ගමේ දරුවන්ට නීතිය ඉගෙන ගැනීමට තිබූ අවස්ථාවක් අහිමි වන බවයි.

