‘නිසි කලට පෙර ජනපතිවරණයක් එපා‘


ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය අවසන්වීමට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති නිසා ඉක්මන් ජනාධිපතිවරණයක් නොපවත්වන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ  අද මැතිවරණ කොමසාරිස්ට ලිපියක් බාර දුන්නේය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වත්මන් ජනපතිගේ නුසුදුසුකම ඉවත් කර නැතැයි ද ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ අත්සනින් යොමු කර ඇති එම ලිපියේ සඳහන්ය.

මෙම අවස්ථාවට ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී මහත්වරු ද පැමිණ සිටියහ.

2(46)