‘නිල්, රතු එළි දැල්වීම පොලිසියට පමණයි‘


‘පොලිසිය ඇරෙන්න  ආරක්ෂක අංශයේ අවශ්‍යතාවයක් නැතිව කිසිම සිවිල් පුරවැසියකුට නිල්, රතු හදිසි අවශ්‍යතා පෙන්වන බල්බ සවිකරගෙන මේ අධිකරණ බල ප්‍රදේශයේ ධාවනය කරන්න අවසර නෑ. එසේ ගමන් කළ විට සිවිල් වැසියන් රැවටී ඔවුන්ට ඉඩ ලබාදෙනවා‘ යැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අධිකරණ භාෂා පරිවර්තක සුනිල් ගුණවර්ධන මහතා මගින් එසේ කීවේ බාලවයස්කරුවකු නිල් රතු එළි දල්වා රියදුරු බලපත් නොමැතිව ගමන් කිරීමේ නඩුවක් විමසමිනි.

වරදකරුවූ කුලියාපිටියේ, ගලහිටියාව පදිංචි 17 හැවිරිදි තරුණයාට රුපියල් 7000 ක දඩයක් නියම කැරිණි.