‘නිල ඇඳුම් වවුචර් නිවාඩුවට කලින්‘


ව්‍යාපාරිකයන් සිව් දෙනකු අත තිබූ පාසල් නිල ඇඳුම් ඒකාධිකාරය රට පුරා ව්‍යාපාරිකයන් අතර බෙදා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉසුරුපායේ පැවැති රැස්වීමකදී පැවසීය.

වෙළඳපොළ තරගකාරීත්වය ඇති කිරීම සඳහා සළුසල හා ලක්සල ද නිල ඇඳුම් රෙදි අඩුමිලට විකිණීමට කටයුතු කරනු ඇතැයිද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.

දෙසැම්බර් 4 වැනිදා පාසල් නිවාඩුවට ප්‍රථම නිල ඇඳුම් වවුචර්පත් බෙදාසීම අවසන් කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දුන් බවත් සෙනසුරාදා (28) සිට වවුචර් පළාත් අධ්‍යක්ෂවරුන්ට යවන බවත් අමාත්‍යවරයා කීය.

uniform_201511275 uniform_201511275-2