නව ඖෂධ නියාමන අධිකාරි පනත ඉඟුරු දී මිරිස් ගැනීමක් යැයි අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ සංගමයේ සභාපති සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.
1993 අංක 13 දරණ විලවුන් ඖෂධ සංශෝධන පනත වෙනුවට මෙම නව පනත ඇති කළද එහි විධි විධාන අනුව මෙතෙක් කලක් වෛද්‍යවරුන්ට ඖෂධ නියාමනය කිරීමට පැවරී තිබූ ඒකාධිකාරී බලය ඖෂධවේදීන් සහ ෆාමසි අතර බෙදා දී ඇත්තේ මහජනයා කබලින් ලිපට තල්ලු කරමින් බව ඒ මහතා පැවසීය.
එහි වෛද්‍යවරයාට ඖෂධ නාමයෙන් හෝ වෙළඳ නාමයෙන් ඖෂධ නිකුත් කිරීමට අවසර ලැබෙන අතර ඖෂධවේදීන්ට වෛද්‍යවරයා ඖෂධ නාමයෙන් සඳහන් කරන ඖෂධ නොමැතිනම් හෝ පාරිබෝගිකයා කැමතිනම් වෙළඳ නාමයෙන් ඖෂධ ගැනීමට ඉඩ සලසා තිබීම හා නව පනත අන්තර්ජාල පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ හෝ සෞඛ්‍ය අමාත්‍යංශ නිල වෙබ් අඩවියෙන් හෝ රජයේ නීතිමය අණපනත් ඇති වෙබ් අඩවියෙහි මහ ජනතාවට බලාගැනීමට අවස්ථාවක් නැති වීමත් උපුල් රෝහණ මහතා පෙන්වා දුන් අතර ජනපතිවරයා සෞඛ්‍ය ඇමැතිව සිටි සමයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් ඖෂධ පනත මෙම නව පනතින් ක්‍රියාත්මක වන්නේ යන්න සැක සහිත බවද පැවසීය.

