‘නිතඹ ඇඳුරු තෙමේ‘ රිමාන්ඩ්


කාන්තාවන්ගේ අඟපසඟ ජංගම දුරකතනයෙන් ඡායාරූපයට නැගූ බව කියන විශ්ව විද්‍යාල සහකාර කථිකාචාරයවරයෙක් ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළාය.

දෙහිවල පොලිසියට සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

මොරටුව පිටකොටුව බස් රථයක ගමන් ගත් තරුණ කාන්තාවකගේ නිතඹ ඇතුළු පසුපස ප්‍රදේශය ඡායාරූප ගත කරන අවස්ථාවේ මගීන් මැදිහත්වී සැකකරු අල්ලා දෙහිවල පොලිසියට බාර දී ඇත.

ඔහුගේ ජංගම දුරකතය පරීක්ෂා කිරීමේ දී කාන්තාවන්ගේ නිතබට පහළින් ඇති ප්‍රදේශය ඡායාරූප ගත කර තිබූ පිංතූර 50කට අධික ප්‍රමාණයක් තිබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.