නැගෙනහිර පළාතේ අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක හා ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහත්වරුන් අතර පැනනැගී ඇති අර්බුදය එහි සුළුතරයක් වන සිංහලයන්ගේ අවාසනාවකියි නැගෙනහිර පළාත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මංජුල ප්‍රනාන්දු මහතා පවසයි.
අම්පාරේ ලාහුගල පාසලක් සම්බන්ධයෙන් මේ දෙදෙනා අතර පවත්නා ගැටුම සුහදව විසඳාගත යුතුව ඇතැයි ඔහු කියයි.
නැගෙනහිර පළාතේ දේශපාලනය ජාති හා ආගම් අනුව සිදුවන දෙයක්. දේශපාලන වේදිකාවේ කළ කී දෑ ක්‍රියාවට නංවන්න යනවා. මේ දෙන්නා ජාතිවාදීන් නොවුණත් එයින් ඔවුන්ගේ සුළුතරයක් වන නැගෙනහිර සිංහලයන්ගේ දුක්ගැනවිලිවලට ඇහුම් කන්දිමට කෙනකු නැති වීමයි.