කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ රුපියල් කෝටි තුන හමාරකට තමා ඉල්ලු සුදු කැස්බෑවා මධ්‍යස්ථාන හිමිකරු චන්ද්‍රසිරි තාබෘගේ දියණියක් වන චාමලී ගේ නිවසේ සිටිතියි ගායක අමල් පෙරේරා කියයි.
ඔහු එහි ගියේ පොලීස සමඟය.මුලදී ඔහුට එහි යන්නට ඉඩ නොලැබුණත් පසුව ඉඩ ලැබිණි.
කැස්බෑහිමිකරු හා ඔහුගේ දියණිය පොලීසියට පැවසුයේ අමල් සිල්වා ඉල්ලු කැස්බෑවා එහි නොමැති බවයි.එහි සුදු කැස්බෑවෝ තිදෙනෙක් සිටිති.
ඔවුන් පැවසුයේ තමන් සතුව සුදු කැස්බෑවන් පස් දෙනකු සිටි බවයි.
සුනාමියේදී එක් සතකු නැති වු බවත්.තවත් කැස්බෑවකු පසුගිය 16 වැනිදා සොරාගත් බවත් ඔවුහු කීහ.
මාධ්‍යවේදීන්ට කැස්බෑවා බැලීමට යාමට එහි හිමිකරුවෝ ඉඩ නොදුන්හ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පරීක්ෂණ මෙහෙයවයි.
නැති වු බව කියන ඇලි කැස්බෑවා
දැනට සිටින ඇලි කැස්බෑවෝ
ඡායාරූප ජනත් ද සිල්වා ,කමල් ශ්‍රී ලියනගේ