‘නායකයින්ගේ දරුවන් රකින්න අනෙක් දරුවන් විනාශ කිරීම වැරැදියි‘


නායකයින්ගේ දරුවන්ගේ අනාගතය රැකගන්න අනෙක් දරුවන් විනාශකිරීම අනුමත කරන්න බැරි බවත් නායකයින්ගේ පුත්තුන්ට වුවමනා විදියට හැදූ තරුණ සංගම් තිබුණද අද ඒවා දකින්නවත් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (28) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති සමාජවාදී තරුණ සංගමයේ 3 වැනි වාර්ෂික සමුළුව අමතමින් පැවසීය.

‘සමහරු පොල් ගහනවා ආණ්ඩු පෙරළන්න. පොල් ගහන්න යන අය කපුවා මාර්ගයෙන් ප්‍රශ්නය දෙවියන්ට කියනවා. කපුවාට ප්‍රශ්නයක් වුණාම අපිට කියනවා අනේ මේ අසාධාරණයට පිහිට වෙන්න කියලා‘ යැයිද දිසානායක මහතා එහිදී කීවේය.

jvp_201622875 jvp_201622875-2 jvp_201622875-3 jvp_201622875-4

ඡායාරූප - ඉෂංක සුනිමල්

වීඩියෝ - ශාන්ත රත්නායක