පළාත් අධ්‍යාපන ගැටළු තිබියදී බස්නාහිර හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යවරු ගුරුවරියන්ගේ හා නැටුම් විෂය හදාරන සිසුවියන්ගේ නාභිය පෙනෙන සේ ඇදුම් ඇඳීම හා දුරකථන ඇමතුම් පාලනය කිරිමට යාම ගෝත්‍රික දැනුමෙන් අදහස් ප්‍රකාශ කර ප්‍රසිද්ධියක් ලබා ගැනීමක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
පාසල් වලට උද්ගත වි ඇති ප්‍රශ්න නාභිය පෙන්වා ඇදුම් ඇඳීම ද පාසල තුළ දුරකථන භාවිතයද නොව ගුරු වැටුප් වැඩි කිරිමේ විෂමතා, උසස්වීම් වසර ගණනකින් ලබානොදීම, ගුරු මාරු ප්‍රතිපත්ති හා පාසල් පංති කාමර සෑදිමට පාසල් වල මුදල් එකතු කිරිම් ආදිය බවද ඔහු කියයි.
නාභිය පෙනෙන ලෙස සාරිය ඇදිම හා දුරකථන භාවිතය කිසිදු ගැටලුවක් මේ දක්වා නොතිබුනු බවත් එය එම ගුරුවරුන්ගේ සිමිත නිදහස නැති කිරිම බවත් පසුගිය කාලයේ මෙවන් අදහස් ප්‍රකාශ කළ ජෝකර්වරු සිටි බවත් ඔවුන් ජනයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් තමන්ගේ දැනුමට නොගැලපෙන අමාත්‍යකම් යහපාලන රජය මගින් ලබා දිම විහිළුවක් බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

