‘නාගදීපෙ නම වෙනස් කරන්න එහෙම බෑ‘


යාපනයේ ඓතිහාසික නාගදීපය නයිනතිව් වශයෙන් වෙනස් කිරීමට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කළ ද එවැනි බලයක් එම පළාත් සභාවට නැතැයි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය කියයි.

පසුගිය පස් වැනි දා උතුරු පළාත් සභාව නාගදීපය උතුරු නයිනතිව් හා දකුණු නයිනතිව් වශයෙන් නම් වෙනස් කිරීමේ යෝජනාවක් සම්මත කොට  ඇති බව උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් කේ ශිවාජලිංගම් කියයි.

දෙමළ ජනයා නයිනතිව් ලෙස ද, සිංහල බෞද්ධයා එය නාගදීපය වශයෙන් ද හඳුන්වතියි ඔහු පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොරණ නගරයේ හිතවතකුගේ වෙළඳසළක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් පැවසුවේ සොලොස්මස්ථානය වඳින ගාථාව ද වෙනස් කිරීමට සිදු වන බවයි.

වීඩියෝ - ඩී.එන්.සෙන්දනායක