‘නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධුරය අහෝසියි‘


නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධූරය අහෝසි වන නිසා මීළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන කියමින් නැති තනතුරකට අපේක්‍ෂකයින් නම් කිරීමේ අවශ්‍යතාවයක් එක්සත් ජාතික පක්‍ෂයට නැතැයි එජාප මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ අයත් 2020 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ගැන අදහස් දක්වමින් සිටින නමුත් එක්සත් ජාතික පක්‍ෂයට ඒ ගැන සිතීමේ අවශ්‍යතාවයක් නැතැයි කී ඔහු එජාපය මුහුද හත්ගව්වක් තියා අමුඩ ගහන පක්‍ෂයක් නොවන බව කීවේය. මේ වසරේ දී ආණ්ඩුව පෙරළන බව හිටපු ජනාධිපතිතුමා කීවත් එම අනාවැකි ඉටු නොවන බව ද ඔහු සඳහන් කළේය.