රටේ දියුණුවට ඔබේ දියුණුවට ඇති කරන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළු රටම එකතු කරගත යුතු යැයි අරලියගහ මන්දිරියේදී අද (17) විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති කීවේය.
දේවදත්තයා බුදු ගුණ ගායනා කරන ආකාරයෙන් මහාචාර්ය ජී.ඇල්.පීරිස්ගේ ජුන්ටාවේ මත වලට වඩා සියලුම පක්ෂ හා සංවිධාන සමග සාකච්ඡා කර මේ ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම අරමුණ බවත් ඔහු කීවේය.
ලොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට සමාජ ජාල වෙබ් අඩවි යොදා ගන්නා මුල්ම අවස්ථාව මෙය විය හැකි බවත් 21 වැනි සියවසට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුතු බවත් රට බෙදීමක් රටේ ඒකීය භාවය වැනසීමක් හෝ බුද්ධාගමට හිමි තැන අහිමි කිරීමක් රජයේ යෝජනාවලට අඩංගු නොවන බවද ඕනෑම කෙනකුට ඕනෑම පක්ෂයකට සංශෝධන ඉදිරිපත් කළ හැකි බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ අදහස් පමණක් නොව සියලු පක්ෂවල අදහස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ලබාගැනීමට සූදානම් බවත් විශේෂයෙන්ම අනාගතය බාර ගැනීමට සිටින තරුණයන්ගේ අදහස් මේ සඳහා වැදගත් බවත් ට්විටර්, ෆැක්ස්, සමාජ ජාලා වෙබ් අඩවි වැනි ඕනෑම මාධ්‍යයකින් ඔවුන් ලබාදෙන අදහස් බාරගැනීමට සූදානම් බවත් අගමැතිවරයා කීවේය.
මහජන අදහස් හා යෝජනා ලබාගැනීමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට විසුම්පාය ලබාදී ඇති බවත් ඕනෑම අවස්ථාවක එහි පැමිණ ඊට අදාළ යෝජනා බාරදිය හැකි බවත් කී අගමැතිවරයා 21 වැනි ශත වර්ෂය මැද භාගයට ගැලපෙන ව්‍යවස්ථාවක් අනාගතය වෙනුවෙන් නිර්මාණය කරගැනීමට ඒ සියලු අදහස් වැදගත් වන බවත් සඳහන් කළේය.




