නව ලිබරල්වාදය සහ එය රකින විධායක ක‍්‍රමය පරාජය කිරීමට තමන් වටා ඒක රාශි වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පොලොන්නරරුවේ පැවැති සම්මන්ත‍්‍රණයකදී කීවේය.
‘මහින්ද රාජපක්ෂ ක‍්‍රියාවට නඟමින් ඉන්නෙත් 1977 බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කරපු නව ලිබරල් ධනවාදී ආර්ථිකයයි. ලෝකයේ අධිරාජයවාදී ධනපති ක‍්‍රමය ලංකාවේ ක‍්‍රියාත්මක වෙන්නෙ ඒ හරහා බව අමතක කරන්න බෑ. මහින්ද අධිරාජ්‍යවාදය ගැන මොනවා කිව්වත් ඒක වෙනස් කළේ නෑ. අධිරාජයවාදයට එරෙහි මහින්දම තමයි ඒ අධිරාජ්‍යවාදයේ ලංකාවට අදාළ වැඩපිලිවෙළ ඉදිරියට ගෙන යන්නෙ. දැන් ඉදිරි ජනාධිපතිවරණයෙදි මහින්ද අපේක්ෂකයා හැටියට තුනවෙනි පාර එන්නෙ ඒක වෙනස්කරන්න කියලද? නෑ. එහෙම නැත්නම් මෙතෙක් මහින්ද එක්ක හිටිය මෛත‍්‍රිපාල සිරිසේන මොකද කියන්නෙ. එයා ජනාධිපතිවරණයට එන්නෙ නවලිබරල් ධනවාදය වැරදියි කියලා ඒක වෙනස් කරනවා කියන පොරොන්දුව දෙන්නද? නෑ එයා එන්නෙත් ඒක ක‍්‍රියාත්මක කරන්නයි. මෛත‍්‍රිපාල සිරිසේන පසුපස ඉන්න චන්‍ද්‍රිකාලා රනිල්ලා කියන්නෙ මේ ආර්ථික ක‍්‍රමය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කැපවුණු ලංකාවෙ නියෝජිතයෝ.
චන්ද්‍රිකා 1994දි බලයට ආවෙ විවෘත ආර්ථිකයට මානුෂික මූණක් දෙනවා කියලා. පටන් ගත්තෙම ඇන්සල් ලංකා කම්කරුවන්ගෙ ඉල්ලීම්වලට වෙඩි උන්ඩෙන් උත්තර දීලා.
නව ලිබරල් ධනවාදයේ, එහෙම නැත්නම් විවෘත ආර්ථිකය හැටියට 77 හඳුන්වා දුන්න චන්ද්‍රිකා කියපු මානුෂික මුහුණුවර එහෙමයි. කටුනායකදි කම්කරුවන්ට වෙඩි තියපු, හලාවතදි ධීවරයන්ට වෙඩි තියපු, රතුපස්වලදි ජනතා උද්ඝෝෂණයකට වෙඩි තියපු මහින්දගෙ ප‍්‍රතිපත්තියත් ඒකමයි. නවලිබරල් ධනවාදය ඉදිරියට ගෙනයන්න තමයා විධායක ජනාදිපති ක‍්‍රමය හඳුන්වා දුන්නෙ. එක් පුද්ගලයකු වටා බලය ඒකරාහි කලේ අත්තනෝමතික පාලකයකු හඳුන්වා දුන්නෙ ඒකටයි. ඇයි එහෙම පාලකයෙක් ඕන. නවලිබරල් ධනවාදය ක‍්‍රියාවට නඟන්න යද්දි ඇතිවන නැගිටීම්, සමාජ විරෝධය පාගලා ඒ වැඩපිලිවෙළ ඉදිරියට ගෙනයන්න අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවය ඉටු කරන්නයි විධායක බලය ඕන. ජනතාව විසින් විධායක බලය ඇති නායකයො පත්කරන්න චන්දය දීලා හතරපාරක් අත්හදා බලලා තියෙනවා. ඒ පාලකයන් ඒකාදිපතියන් බවට පත් වුණාම නැවත ඒ අය ඉවත් කරන්න පාරට බහින්න, චන්දය දෙන්න ජනතාවට සිදු වෙනවා. ඒ නායකයන්ගෙ පුද්ගලික හේතු නිසා පමනක් නෙවෙයි මේ ඒකාදිපති පාලන ක‍්‍රමය පවත්වාගෙන යන්නෙ. ජනතාවට වාසිදායක නැති අධිරාජ්‍යවාදයට, ධනපතියන්ට විතරක් වාසි ගෙන දෙන මේ වැරදි ආර්ථික පිළිවෙත, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට, නිදහස් අදහස් සහිතව, විනිවිදභාවයෙන් ක‍්‍රියාත්මක කරන්න බෑ. මේ නවලිබරල් ආර්ථිකය නඩත්තු කරන්න වෙන්නෙ අත්නෝමතික බලයකින් තමයි. මේක අපිට අවුරුදු 36ක් තිස්සෙම ඔප්පු වෙලා තියෙන කාරණයක්.

