ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන පිරිස බිහිකරන්න යන පක්ෂය කවදාමත්ම නොපිපෙන පොහොට්ටුවක් බවත් මෙය පොහොට්ටුවක්ම පමණක් බවත් ජාතික මැතිවරණ දෙකක් ජයගත් එජාපෙට මෙය කිසිසේත්ම අභියෝගයක් නොවන බවත් උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල අද (7) තෙල්දෙණියේදී පැවසීය.
‘රට ආර්ථික පිම්මක් පනින්නට දැන් සූදානම් වෙමින් සිටිනවා. වසර 20 ක් පුරා ගරා වැටුණු ආර්ථිකයක් වසර 1 1/2 කින් ආපසු හැරවීමට කිසිවකුටත් ලෙහෙසියෙන් කරන්න බෑ. පසුගිය වසර පුරා රජය කළේ ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමට ක්‍රියා කිරීම‘ යැයි ද ඔහු කීය.