නව පක්ෂයක් බිහි කිරීමේ කටයුතු සියල්ල අවසන් කර ඇති බවත් තවත් එය සැඟවිය යුතු නැති බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නව පක්ෂය අනිවාර්යයෙන්ම බිහි කරන බවත් එහි නම හා ලකුණු ඉදිරි මැතිවරණය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශ කළ පසු රටට හෙළි කරන බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිළුම් අමුණුගම මහතා අද (23) මහනුවරදී පැවැසිය.
රණවිරුවන් සුරකීමේ ව්‍යාපාරයේ මෙහයවීමෙන් අද මහනුවර මධ්‍යම වෙළද පොළ ඉදිරිපිට පැවැති අත්සන් දසලක්ෂයේ පෙත්සමට අත්සන් ලබාගැනිමේ වෙනුවෙන් පැවැති දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී මන්ත්‍රිවරයා එසේ පැවැසිය.
පාර්ළිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය ඒකාබද්ධ විපක්ෂය ඉල්ලන බවත් එය අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බවත් ආණ්ඩුවට ඡන්දය දුන් අයට විපක්ෂ නායක,විපක්ෂ සංවිධායක ධුර පිරිනැමීමෙන් සැබෑ විපක්ෂයේ කාර්ය භාරය සිදු නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

