‘නලා හඬ නැතිව පාරේ යන්න පුරුදු වෙමු‘


පරිසර දූෂණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ශබ්ද දූෂණය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු විය යුතු බව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා පවසයි.

විශේෂයෙන්ම රථවාහන ගමනාගමනයේදී අධික නලා හඬ හේතුවෙන් බොහෝ පිරිසකට ශ්‍රවණාබාධ ඇතිවි හැකි යැයි ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම ජංගම දුරකථන භාවිතයේදී යොදා ගැනෙන නවීන තාක්ෂණික ශ්‍රව්‍ය උපකරණවල අධික ශබ්දය හේතුවෙන්ද විවිධ ශ්‍රවණාබාධ ඇතිවීමේ ඉඩකඩ ඇතැයි ඇතුල්ගම මහතා සඳහන් කරයි.

doctor_2016114