
( සමන් පාලිත නානායක්කාර)
ඇල්ල ආරුක්කු නමය පාලම අසල කන්දේ අද( 31 ) මේ වෙන විට ගින්නක් පැතිර යමින් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
වන රක්ෂණ නිලධාරීන් සහ පොලීසිය ගින්න මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යොදමින් ඇතැයි ද එම මධ්‍යස්ථානය පැවසීය.
නිවාඩු දිනයක් බැවින් මේ දිනවල ඇල්ල ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙමින් සිටින බවද එම මධ්‍යස්ථානය පැවසීය.
පවතින වියලි කාලගුණයක් සමග ගින්න පැතිරීම වේගවත්ව සිදුවෙමින් පවතින බවද කිසිවෙකු විසින් තැබූ ගින්නක් මෙලෙසින් කන්ද දෙස පැතිර යමින් පවතින බව ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

