තමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිසිදාක ඇමැතිකම් ලබාගැනීමට පස්සෙන් නොගිය බවත් රට ශක්තිමත් කිරීමට ඇමැතිකම් ලබාගන්නට ආරාධනා ලැබූ හෙයින් තනතුරු බාරගත් බවත් සමහර ජ්‍යෙෂ්ඨයින් නගුට සඟවාගෙන සිටින බවත් කම්කරු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශයේදී අද වැඩබාරගනිමින් පැවසීය.
කම්කරු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, කම්කරු අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.ජේ.එල්.යූ.විජයවීර, ජීවන් කුමාරතුංග අමාත්‍යවරයාගේ දියණිය බස්නාහිර පළාත් මන්ත්‍රීනී මල්ෂා කුමාරතුංග ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.




