‘නංගි පෙන්වා අක්කා දෙන්න හදනවා‘


’19 වැනි සංශෝධනය මම දැකලත් නැහැ. එක්සත් ජාතික පක්ෂය හදන්නෙ නංග පෙන්වා අක්කා දෙන්නයි. ඒ කුමන්ත්‍රණවලට මම අහුවෙන්නේ නෑ. ඒ පනතේ සැඟවුණු උගුල් තියෙනවා. ඒකට මම ඡන්දෙ දෙන්නෙත් නෑ‘ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද (25) බණ්ඩාරගමදී පැවසීය.

බණ්ඩාරගම නව ශ්‍රීලනිප සංවිධායක නිමල් චන්ද්‍රරත්න මහතා පිළිගැනීමේ උත්සවයකදී ඔහු කීවේය. නිමල් චන්ද්‍රරත්න මෛත්‍රිපාල සිරිසේන ජනපති අතින් අද පත්වීම ලබාගත්තේය.

DSC07487 DSC07502 vlcsnap-2015-04-26-08h28m52s134