‘ධර්මය දේශපාලන මෙවලමක් කරගෙන’


‘ධර්මය’ දේශපාලන මෙවලමක් ලෙස පත් කර ගැනීමට  ඇතැම් දේශපාලකයන් උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද සඳහන් කළා.

ආණ්ඩු පෙරළි මගින් පරාජයට පත් වූ බල තණ්හාව ඇති දේශපාලකයින් ජාතිවාදය රට පුරා වපුරමින් එය සිදු කරන බව ජාතික භික්ෂු පෙරමුණේ මහා සමුළුව අමතමින් ඒ මහතා පැවසුවා.

එමෙන්ම, මෛත්‍රී, රනිල් ආණ්ඩුව ජනතාව අපේක්ෂා කළ සමාජ, ආර්ථික, දේශපාලන ගමනෙහි නිරත නොවන බවද අනුර දිසානායක මහතා පැවසුවේය.