‘ධර්මපාලතුමාටත් මඩ ගැහුවා‘ - ජනපති


 ‘තව අවුරුදු දෙකකින් ඔබට පැයයි විනාඩි පහළොවකින් කොළඹ යන්න පුළුවන්. එහෙම  නැතිව බරකරත්ත යුගයට ගෙනියන්න බෑ මේ රට. මේවා සංවර්ධනය කරනකොට පහර දෙනවා. මේ මඩ පහරවල් එදා තෙන්නකෝන් ඇමැතිතුමාටත් තිබුණා මට මතකයි. ධර්මපාලතුමාටත් කියපු කතා ඔබට මතක ඇති. මේ රට සාරධර්මවලින් පිරි රටක් කරන්න ඉදිරියේ අපට තිබෙනවා. ‘ යැයි මහින්ද රාජපක්ෂ ජනපති දඹුල්ලේ ඡන්ද රැලියක දී කීවේය.

‘තමන්ගේ පියාට පහර දුන් පිරිසක් ළඟට ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා යනවා කියා තමයි මෙයාලා ප්‍රචාරය යැව්වේ.  මම එතුමගෙන් ඒ ගැන ඇහුවේ නෑ. මොකද මා දන්නවා ඔහුගේ හදවත තිබෙන තැන.‘  

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා -

‘අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එලවන්න කිසිම ජගතෙකුට බෑ. අපි මැරුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා යන්නේ නෑ. ජනාධිපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් මා කැප වෙනවා.‘