නිරේජ් පාණ්ඩේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘එම්.එස්.දෝනි අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටය දින නමයක් තුළදී ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 100ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.
එය මේ වසරේ මේ දක්වා තිරගතවූ චිත්‍රපට අතරින් ‘සුල්තාන්’ චිත්‍රපටයට පසුව අඩුම කාලයකදී ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයාගත් චිත්‍රපටය වනවා.
‘සුල්තාන්’ චිත්‍රපටය දින 3කදී ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව ඉක්මවා යන්නට සමත් වු අතර, තිරගත වු කාලයේදී ඉන්දීය රුපියල් කෝටි 600ට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත් වුණා. ‘එම්.එස්.දෝනි අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටය මේ වනවිට ලොවපුරා අති සාර්ථකව තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 300කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. විචාරකයන් පවසන්නේ ඉන්දීය ක්‍රිකට් නායක දෝනිට ඇති රසික ඉල්ලුම නිසා මෙම චිත්‍රපටය මෙසේ සාර්ථක වී ඇති බවයි.