‘දොස්තර වර්ජනය ඉසුරුපාය ළඟ බෑ‘


වෛද්‍යවරුන්ගේ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කරගැනීමේදී සිදුවෙතියි කියන අසාධාරණයට එරෙහිව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (15) නියෝග කළේය.

මහජනයා පීඩාවට පත්වීම, මහජන සාමයට බාධා සිදුවීම නිසා අධිකරණය මේ පියවර ගත් බව ප්‍රකාශයට පත් කැරිණි.

මේ අතර පිරිසක් එහි රැස්ව සිටි වෛද්‍යවරුන්ගේ වාහනවල රෝදවල හුළං යවා තිබුණු අතර වෛද්‍යවරු එතැනට හුළං පොම්ප ගෙනැවිත් යළි සිය වාහනවල රෝද යථා තත්ත්වයට පත් කරගෙන පිටව ගියහ.

22 GLA_3338 GLA_3340 GLA_3375 GLA_3395