ශී‍්‍ර ලංකාවට පැමිණියේ දේශපාලන කටයුතු වලට හවුල්වීමට නොවන බව බොලිවුඩ් නළු සල්මන් ඛාන් පැවසීය.
නත්තල් සමය නිසාත්, අලූත් අවුරුද්ද එළඹෙන නිසාත් නිවාඩුවක් ගැනීමට තීරණය කළ තමා ශී‍්‍ර ලංකාවට පැමිණි බවත් එසේ වුවද තම සැබෑ අරමුණ වන්නේ ගංවතුරින් පීඩාවට පත්ව සිටින ජනතාවට තමා කි‍්‍රයාත්මක කර ඇති සහන සේවා වැඩසටහන් වලින් ලබාදිය හැකි උපකාර පිළිබඳව සොයාබැලීම බවත් ඔහු කීය.
යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාවේ සැබෑ වෙනසක් දකින බවත් ඒ සියල්ල වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කැපවීම හා උත්සාහය නිසා අත්කරගැනීමට හැකිවූවක් ලෙස දකින බවත් ඔහු කීය.
ශී‍්‍ර ලංකා කලාකරුවන් පිරිසකට සිදුකළ පහරදීම ගැන විමසා සිටි විට ඒ ගැන කිසිත් නොදන්නා බව පැවසූ ඔහු තමා පැමිණියේ බොම්බායේ සිට බවත් ඒ නිසා ශී‍්‍ර ලංකාවේ සිදුවන ඇතැම් දේ තමා නොදන්නා බවත් කීවේය.

