අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා බෙල්ජියමේ සිදුකළ සංචාරය අතරතුර දී ලෝරි ජිර්බාඩ් චොකලට් කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.
අගමැති ප්‍රමුඛ දූත පිරිසට එය ඉතා රසවත් චාරිකාවක් වූ බව පෙනිණි.
චොකලට් නිෂ්පාදන සමාගමේ ප්‍රධානියා අගමැති වික්‍රමසිංහ සමග චොකලට් සෑදීමට එක්විය. ඔහු අමුද්‍රව්‍ය 15ක් පමණ ලබාදී අගමැතිවරයාට චොකලට් සෑදීමට අවස්ථාව ලබාදුන්නේය. අගමැතිවරයාගේ කැමැත්ත අනුව විවිධ රස වර්ග මිශ්‍රකර චොකලට් සෑදීමට අවකාශ සැලසිණි.
අගමැතිවරයා එහිදී රසවත් චොකලට් එකක් සෑදීය.
හවුල් දේශපාලනයක් පවතින ශ්‍රී ලංකාවේ සෑම පක්ෂයක්ම හා කණ්ඩායමක්ම එකතු කරගෙන කාලානුරූපීව ගෙනයන පාලනයට වඩා පහසුවෙන් අමුද්‍රව්‍ය කිහිපයක් එකතුකර චොකලට් නිෂ්පාදනය පහසු ඇති බව එහි සිටි අයකු කීවේය.
චොකලට් සාදා අවසන් වූ අගමැති කියා සිටියේ යළි කොළඹට ගිය පසු මේ දිනවල පවතින ගැටලු සමනය කිරීමට වඩා එය අපහසු බවයි. නියම රසය මාත්‍රාව අනුව බෙල්ජියමේ චොකලට් හැදීම ඊට වඩා අමාරු බව අගමැතිවරයා කීවේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද එයින් චොකලට් රැගෙන ඒමට අගමැති අමතක නොකළේය.