‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනු‘


සියලුම දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස ඉල්ලා මඩකලපුවේදී සම අයිති සංගමය අද (12) උද්ඝෝෂණයක් පැවැත්වීය.

සියලුම දේශපාලන රැඳවුම්කරුවන් නිදහස් කරනු, යුද හමුදා කඳවුරු සීමා කර වාසස්ථානවලින් කඳවුරු ඉවත් කරනු, අතුරුදන් වූවන් හා පැහැරගත් අය සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණ කරනු ආදී සටන් පාඨ දක්නට ලැබිණි.

සංවිධානයේ සංවිධායක යූට්  ප්‍රනාන්දු සහ එම් ඉන්දිරානන්දන් මුහමඩ්සාලි මේ උද්ඝෝෂණය සංවිධානය කළහ.