‘දේශපාලනයේදී තනතුරු තානාන්තර ලැබෙන්නේ ප්‍රශස්ති ගායනා කරන විටයි.එසේ නැත්නම් ඒ කිසිවක් ලැබෙන්නේ නෑ.දේශපාලනඥයින්,රාජ්‍ය සේවකයින් අතරත් අල්ලස් ගන්නා ඇතැමුන් ඉන්නවා.’
‘මට හිතෙනවා මේ කුණු දේශපාලනය කරනවාට වඩා රාජ්‍ය සේවයට නැවත එන්න තියනවානම් හොදයි කියලා.’ යැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසීය.
මාතලේ දිස්ත්‍රීක්කයේ රාජ්‍ය සේවයට බඳවාගත් නවක ග්‍රාම නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී ඔහු එසේ කීවේය.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ද ඒ රැස්වීමේදී මෙසේ කීය.
‘අද දේශපාලනය බල්ලට ගිහින් නෑ’දේශපාලනයට බල්ලන් ඇවිත් ,ජරා ජීර්ණය වෙලා. තමන් ඉන්න ක්ෂේත්‍රය පිළිබඳව විවේචනය කිරීම සුදුසු නෑ .ඇතැම් පිරිස් කටයුතු කරන්නේ දවල් මිගෙල් රෑ දැනියෙල් චරිත.කොන්ද පණ තියන දේශපාලනඥයින් හැටියට තමන් ඉන්න ක්ෂේත්‍රය විවේචනය නොකළ යුතුයි.’

